
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමෙරිකාවේ නෝහා ලයිල්ස් සිය තුන්වැනි මීටර් 200 ශූරතාව දිනා ගනිමින් ලෝක ශූරතා තරගාවලියකදී මීටර් 100 හා 200 රන් පදක්කම් ද්විත්වයම දිනාගෙන ජැමෙයිකානු කඟවේනා, උසේන් බෝල්ට් 2015 වසරේදී තැබූ වාර්තාව සම කිරීමට බුඩාපෙස්ට් හිදී සිකුරාදා රාත්රියේ සමත් විය.
දින පහකට පෙර මීටර් 100 ඉසව්වෙන් තම පළමු ලෝක ශූරතාව දිනා ගත් 26 හැවිරිදි ලයිල්ස්, තත්පර 19.52 කින් තරගය නිමා කරමින් මෙම අසහාය වාර්තාවට උරුමකම් කිවේය.
පසුගිය වසරේ ලෝකඩ පදක්කම දිනූ එක්සත් ජනපද කණ්ඩායම් සගයෙකු වන 19 හැවිරිදි එරියන් නයිටන් තත්ත්පර 19.75 කින් තරගය නිමා කරමින් මෙවර රිදී පදක්කමක් සිය පදක්කම් ගොන්නට එකතු කර ගත්තේය.
මීටර් 100 රිදී පදක්කම දිනා ගත් පළමු අප්රිකානු ක්රීඩකයා ලෙස බුඩාපෙස්ට් හිදී අභිසෙස් ලැබූ බොට්ස්වානාහි ලෙට්සිලේ ටොබෝගෝ තත්ත්පර 19.81ක කාලයක් සමගින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart