
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
LPL තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම දඹුල්ල කණ්ඩායමේ නායක වනිඳු හසරංග ඊයේ සනිටුහන් කළේය.
යාපනය කණ්ඩායම හමුවේ ඊයේ (17) පැවති එලිමිනේටර් තරගයේදි වනිඳු හසරංග පන්දුවාර 3යි පන්දු 2කදි කඩුලු 6ක් දවාගත්තේ ලකුණු 9ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමිනි.
මීට පෙර ජේෆ්රි වැන්ඩරසේ 2021 එල්.පි.එල්. තරගාවලියේ දී පන්දුවාර 04කදි ලකුණු 25කට කඩුලු 06ක් බිඳහෙළමින් එම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබීය.
වනිඳු මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් තරග 09කදි කඩුලු 17ක් ලබාගෙන සිටින අතර වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ඉනිම් 08කදි ලකුණු 231ක් ලබා ගනිමිනි.
වනිඳුගේ මහනුවර කණ්ඩායම හමුවේ එල්.පි.එල්. තරග ඉතිහාසයේ පළමු වරට අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව යාපනය කණ්ඩායමට අහිමි විය.
ඒ එලිමිනේටර් තරගයේදි යාපනය කණ්ඩායම මහනුවර කණ්ඩායම හමුවේ ලකුණු 61ක පරාජයක් ලැබීම හේතුවෙනි.
යාපනය එල්.පි.එල් තරගාවලියේ මීට පෙර පැවති කුසලාන ත්‍රිත්වයේම ශුරයා විය.
දඹුල්ල කණ්ඩායම මේ වන විටත් අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති අතර ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර හෙට පැවැත්වෙන තරගයේදි අවසන් මහා තරගයට යන කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය වෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart