
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙම්වතියගේ හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ සැකකාර පෙම්වතකු අද (30) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.
පහරදීමෙන් මියගොස් ඇත්තේ පයාගල, පහළගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.
එම යුවළ ඊයේ (29) රාත්‍රියේ පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ කතාබස් කරමින් සිට ඇති අතර, ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට ගලකින් පහරදී ඇති බවට සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
එමෙන්ම සිද්ධිය වූ ස්ථානයේ තිබී හිසට පහර දුන්නා යැයි සැළකෙන කුඩා ප්‍රමාණය කළු ගලක්ද පොලිසිය සොයාගෙන තිබේ.
වැඩිදුර සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම තරුණ යුවළ කාලයක් පුරා මෙම සබඳතාව හේතුවෙන් නිරන්තරයෙන් ආරවුල් ඇති කරගෙන ඇති බවය.
පහරදීමෙන් අනතුරුව සැකකරු මිතුරෙකුට කතාකර, 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා පෙම්වතිය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත්, ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මියගොස් ඇති බවත් සඳහන් වේ.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ පයාගල පොලිසිය අපරාධ අංශ භාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 18 හැවිරිදි පයාගල, මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart