
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ නෙළුම් කුළුණ එහි වර්ග අඩි 44,000 ක දෙවන මහල සඳහා නැවත වතාවක් ආයෝජකයන් සොයමින් සිටී.
ඊට හේතුව මෙම මහලේ කැසිනෝ සහ විනෝදාස්වාදක ප්‍රදේශයක් පිහිටුවීම සඳහා සිංගප්පූරු සමාගමක් සමඟ එළඹුණු කුලී ගිවිසුමේ ගැටළු මතුව තිබීමයි. සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ සහාය ඇතිව මෙම ගිවිසුම සකස්කර තිබිණි.
Kreate Design PTE නම් සිංගප්පූරු සමාගමක් පසුගිය වසරේ Lotus Tower Management Company (Pvt) Ltd සමාගම සමඟ ගිවිසුමක් ඇති කර ගත්තේය. ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරියද සහභාගී විය.
ගිවිසුමට මාස තුනක් ගතවී ඇතත්, එහි කොන්දේසි සැපිරීමට සමගම සමත්ව නැත.
මේ නිසා නෙළුම් කුළුණේ අදාළ ප්‍රදේශය දැන් ඕනෑම කෙනෙකුට විවෘතව ඇති අතර මේ සම්බන්ධයෙන් ටෙන්ඩරයක් ඉදිරිපත් කරන බව Lotus Tower Management Company (Pvt) Ltd සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ සඳහන් කරයි.
(sundaytimes)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart