
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පස්වැනි දින රාත්‍රියටත් එළඹෙමින් තිබූ විරෝධතා මැඩපැවැත්වීමේ උපාය මාර්ගයේ අංගයක් ලෙස ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කරන බව ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් ඊයේ සවස පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී නිවේදනය කළේය.
ඇඳිරි නීතිය පැසිෆික් වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වී පෙ.ව. 6ට ඉවත් කෙරේ.
නියෝගය කඩ කරන ඕනෑම අයෙකු පොලිසිය අත්අඩංගුවට ගන්නා බව නගරාධිපතිවරයා පැවසීය.
ඇඳිරි නීතිය දින කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සිකුරාදා රාත්‍රියේ සිට අඟහරුවාදා දක්වා දිවා කාලයේ සහ සවස් කාලයේ ලොස් ඇන්ජලීස් නගරයේ ඇතැම් ප්‍රදේශවල විරෝධතා පැවතිණි.
විරෝධතාකරුවන් හේතුවෙන් නගර මධ්‍යයේ ගොඩනැගිලිවල ග්‍රැෆිටි සහ ජනේලවලට සැළකිව යුතු හානියක් සිදුවී ඇති බව නගරාධිපති බාස් පැවසීය.
සතිය පුරා දිනපතා අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව වැඩි වී ඇති බව ලොස් ඇන්ජලීස් පොලිස් ප්‍රධානී ජිම් මැක්ඩොනෙල් පැවසීය.
සෙනසුරාදා 27 දෙනෙකු, ඉරිදා 40 දෙනෙකු සහ සඳුදා 114 අත්අඩංගුවට ගෙන තිබිණි.
අඟහරුවාදා සවස විරෝධතා ආරම්භ වීමට පෙර, පුද්ගලයන් 200කට ආසන්න සංඛ්‍යාවක් රඳවාගෙන තිබිණි.
කැලිෆෝනියාවේ දේශපාලන නායකයන් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා සිටියේ පෙළපාලි සඳහා හේතුවී ඇති ආගමන වැටලීම් නතර කරන ලෙසයි.
ජනාධිපති ට්‍රම්ප් විසින් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ගැවින් නිව්සම්ගේ විරෝධය නොතකා ජාතික ආරක්ෂක භටයන් සහ මැරීන් භටයන් කැලිෆෝනියාවට යැවීමට ගත් තීරණයෙන් ජනතාව තවදුරටත් කෝපයට පත්ව ඇත.
“මෙම වර්ග සැතපුමක සිදුවන දේ නගරයට බලපාන්නේ නැති බව දැන ගැනීම අතිශයින් වැදගත්. විරෝධතා සහ ප්රචණ්ඩත්වයේ සමහර ප්රතිරූප මෙය නගර ව්‍යාප්ත අර්බුදයක් ලෙස පෙනෙන්නට සලස්සුවත් එය එහෙම නැහැ” නගරාධිපති බාස් පැවසීය.
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු 2020 දී රට පුරා දැඩි විරෝධතා වර්ධනය වූ විට ලොස් ඇන්ජලීස් නුවරට එක රැයකින් ඇඳිරි නීතිය පැනවීය.
කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාවේ දී ද රාත්‍රියේ රැස්වීම් සහ ව්‍යාපාරික මෙහෙයුම් සඳහා අර්ධ සහ කඩින් කඩ සීමාවන් තිබිණි.
ජනවාරි මාසයේ නිවාස දහස් ගණනක් විනාශ කළ ව්‍යසනකාරී ලැව්ගිනි හේතුවෙන් අනිවාර්ය ඉවත් කිරීමේ නියෝග ක්‍රියාත්මක වූ ප්‍රදේශවල ප්‍රාන්ත නිලධාරීන් විසින් සවස 6 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවා තිබිණි.
ලොස් ඇන්ජලීස් හි ජාතික ආරක්ෂක භටයන් යොදවා තිබූ අවසන් අවස්ථාව ද එයයි.
කෙසේවෙතත්, එම අවස්ථාවේ දී එය සිදුකර තිබුණේ නගරාධිපතිවරයාගේ ඉල්ලීම පරිදිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart