
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ නිල ඇඳුම් ඉරා දැමූ බව කියන ලොරි රථ රියදුරකු කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් දෙදෙනා උත්සාහ කළ අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුවී ඇත.
සැකකරු පයාගල ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
නාගොඩ හන්දියේ මාර්ග බාධකයක නතර කරන විට සැකකරු කටුකුරුන්ද දෙසට ලොරිය ධාවනය කරමින් සිටි බව පොලිසිය පවසයි.
පරීක්ෂා කිරීමේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පහරදීම සිදුවී ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
එක් නිලධාරියකුගේ වම් අතේ කැපුමක් ද සිදුවී ඇත.
සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart