
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සේවයෙන් ඉවත් කළ මෙහෙයුම් කළමනාකරු සුදර්ශන් කරුණාරත්නට රුපියල් එක්කෝටි විසිදෙලක්ෂ අනූතුන් දහසක වන්දියක් ගෙවන ලෙස වත්තල කම්කරු අධිකරණ සභාපති අතිරේක මහේස්ත්‍රාත් ඊ. ඒ. ඩී. වයි. එම්. සී. ඒකනායක ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයට නියෝග කර තිබේ.
පැමිණිලිකාර නිලධාරියා සේවයෙන් ඉවත් කිරීමට වගඋත්තරකාර සමාගම ගත් තීරණය අසාධාරණ හා අයුක්තිසහගත වන්නේ යැයි දීර්ඝ විභාගයකින් අනතුරුව තීරණය කළ කම්කරු විනිශ්චයාධිකරණ සභාපතිනිය, එකී වන්දි මුදල ලබන මස 27 වන දිනට පෙර ජා ඇළ සහකාර කම්කරු කොමසාරිස්වරයා හමුවේ තැන්පත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කර තිබේ.
පැමිණිලිකරු සේවයෙන් ඉවත් කරන විට ලැබූ මාසික වැටුප රුපියල් 682, 981ක් වන බැවින් එම මුදල මාස 18 ක කාලයක් සඳහා ගෙවීමට එලෙස නියම කෙරිණි.
2014.10.14 වනදා එම ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා ලෙස සේවයට බැඳී ඇති පැමිණිලිකරුව ඉන් වසර තුනකට පමණ පසු එනම් 2017.5.17 වැනිදා තනතුරින් පහත දමා ඇති බවත්, පැමිණිලිකරු කණිෂ්ඨ නිලධාරියකුට බැනවැදීම ඇතුළු සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ගෘහස්ථ විමර්ශනයක් සිදුකර ඇතත් එමගින් ඔහු වරදකරු බවට නිගමනය කර නොතිබියදීත් 2018.05.22 වැනිදා සිට සේවයෙන් ඉවත්කිරීම යුක්ති සහගත නොවන බවට කම්කරු අධිකරණය නිගමනය කර තිබිණි.
නීතීඥ නලින් පෙරේරා පැමිණිලිකරු වෙනුවෙන් පෙනී අතර නීතීඥ මනෝලි ජිනදාස වගඋත්තරකාර සමාගම වෙනුවෙන් පෙනීසිට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart