
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමස්ත සමාජයම නොමග යවමින්, ලංකාවේ අගනුවරට ඉතාම ආසන්නයේ සිදු කරගෙන ගිය මහ පරිමාණ හොර අරක්කු ජාවාරමක් වැටලීමේ සිදුවීමක් පසුගිය ඉරිදා දින (ජුනි 28) මාධ්‍ය වර්තා කර තිබුණි. පානීය ජල බෝතල් ව්‍යාපාරයක් මුවාවෙන් මාලබේ, සුදර්ශන මාවතේ පවත්වාගෙන ගිය මෙම හොර අරක්කු ජාවාරම් තිප්පොල තුළ තිබී නීති විරෝධී මත්පැන් ලීටර 3,345.5ක් අත්අඩංගුවට ගැණුනි. අත්අඩංගුවට පත් බෝතල් ප්‍රමාණය 18575කි. එහිදී අත්අඩංගුවට පත් පුද්ගලයන්ගෙන් ලද තොරතුරු ඔස්සේ ඉන් දින කිහිපයකට පසු මඩකලපුව චෙන්කලඩි, එරාවුර්, කරදියනාරු ආදී ප්‍රදෙශවල නීතිවිරෝධී මත්පැන් අලෙවිසැල් අලෙවි කෙරෙමින් ඇති බව බස්නාහිර උතුර පලාත් පොලිස් නිලධාරීන් විසින් වාර්තා කෙරිණ.
එතැනදී හෙළිදරව් වන වැදගත්ම කරුණ නම්, හොර මත්පැන් නිෂ්පාදකයන් ආරක්ෂා කරන්නේ සුරාබදු නිලධාරීන් බව සහ සුරාබදු නිලධාරීන් රැකෙන්නේ හෝ යැපෙන්නේ හොර මත්පැන් නිෂ්පාදකයන් නිසා බවයි.
මෙම ඉතා සමීප අන්‍යෝන්‍ය හවුල් ජාවාරම මැඩලීමට වසර කිහිපයකට පෙර ආරක්ෂිත ස්ටිකර් ක්‍රමයක් මෙරටට හඳුන්වා දෙන ලදී.
2016 වසරේ අයවැය යෝජනාවක් ලෙස මුදල් අමාත්‍යංශය හා සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව මෙරට මත්පැන් නිෂ්පාදන මත ආරක්ෂිත ස්ටිකරයක් හදුන්වා දීමට කටයුතු කරන ලදී. මෙම ආරක්ෂිත ස්ටිකරය හඳුන්වාදීම මගින් මුදල් අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ නීති විරෝධී මත්පැන් සමාජගත වීම වැලැක්වීම සහ රජයට අහිමිවන බදු ආදායම් අයකර ගැනීමයි. මෙරට භාවිතයට ගැනෙන මත්පැන් අතරින් 40%ක් නීතී විරෝධී මත්පැන් වේ. රජයට වාර්ෂිකව අහිමි වන බදු මුදල රු. බිලියන 40ත් 80ත් අතර වේ. රු. බිලියන 120ක් පමණ වන බදු ගෙවීමක් සිදු කරන්නේ නීත්‍යානූකූල මත්පැන් නිෂ්පාදකයින් වන 60% පමණයි.
පසුගියදා මාලබේදී අත් අඩංගුවට ගණුනු සහ මඩකලපුවේදී වටලනු ලැබූ හොර මත්පැන් බෝතල් සියල්ලෙහිම මෙම ආරක්ෂිත ස්ටිකරය නීතිවිරෝධී අයුරින් හොරට අලවා තිබුණු බව මේ වන විට හෙළිවී අවසන් ය.
මෙමගින් රජයට හිමි විය යුතු දැවැන්ත බදු ආදායමක්, නීතිවිරෝධී ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වී රජයට අහිමි කරමින් ඇත. කණගාටුවට කරුණ නම්, රජයට මෙම අතිවිශාල බදු අදායම අහිමි කිරීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසා රජය විසින් පත් කළ, මහජන මුදලින් වැටුප් ලබා ගන්නා සුරාබදු නිලධාරීන් නිර්ලජ්ජිත අයුරින් පෙනීසිටීමයි. සුරාබදු නිලධාරීන් පොහොසත් කරන, රැකබලා ගන්නා හොර මත්පැන් ජාවාරමුන් වෙනුවෙන් ඔවුන් නිර්වස්ත්‍රව පෙනීසිටිමින් ඇත.
සංඛ්‍යාලෙඛන දත්ත සහ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළි වූ කරුණු සළකා බැලීමේදී පෙනී යන්නේ, සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම සිටිකර් ටෙන්ඩරය හිමි කුප්‍රකට මැඩ්රාස් සෙක්‍යුරිටි ප්‍රින්ටර්ස් නම් ආයතනය බේරා ගැනීමට දිවි හිමියෙන් පෙනී සිටින බවකි.
මැඩ්රාස් සෙක්‍යුරිටි ප්‍රින්ටර්ස් නම් ආයතනය යනු ලෝක ප්‍රකට දූෂිත ඉන්දියානු සමාගමකි. එය තම මව්රට වු ඉන්දියාව ඇතුලුව දැනට ව්‍යාපෘති සිදුකර ඇති කෙන්යාව, බංග්ලාදේශය, සුඩානය, ලයිබීරියාව, පිලිපීනය යන රටවලදී වංචාවන් සිදුකර ඇති සහ අසාදූ ලේඛනගතව ඇති සමාගමකි. ඉහත කී රටවලදී ඔවුන් ක්‍රියා කළ ආකාරය හා වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඔවුන් ක්‍රියා කරමින් සිටින ආකාරය ඉතා ගැටළුකාරීය. ඔවුන් විසින් නීත්‍යානුකූලව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ආරක්ෂිත ස්ටිකරයම, වංචාසහගතව මත්පැන් නිෂ්පාදකයන් වෙතද අලෙවි කරයි. මත්පැන් නිෂ්පාදකයන් විසින් එම ආරක්ෂිත ස්ටිකරය අලවා ප්‍රමිතියෙන් අඩු, විවිධ නොයුතු ද්‍රව්‍ය මිශ්‍රිත මත්පැන් නිෂ්පාදනය කර නීත්‍යනුකූල මත්පැන් බෝතල් වලට සමාන ලෙස නිර්මණය කර වෙළෙඳපොලට නිකුත් කරයි.
එක් අතෙකින් ඉන් පාරිභෝගිකයාගේ සෞඛ්‍ය දැඩි අවදානමකට ලක් කෙරෙන අතර, අනෙක් අතින් රජයේ බදු ආදායමයට වාර්ෂිකව අහිමි වන බදු මුදල රු. බිලියන 40ත් 80ත් අතර ප්රමාණයකි.
මෙම අප්‍රසිද්ධ නමුත් දැවැන්ත බදු වංචාව සඳහා කුප්‍රකට මැඩ්රාස් සෙක්‍යුරිටි ප්‍රින්ටර්ස් සමාගමට මෙරට සුරාබදු නිලධාරීන් විශාල සහායක් ලබාදෙමින් සිටියි. එපමණක් නොව, මෙරට අයවැයක් මගින් සම්මත වූ නීතියක් අවභාවිත කිරීම පිටුපස ප්‍රබල අදිසි හස්තයක සෙවනැල්ලක්ද සහිත වීමට නොහැකියාවක් නොමැත.
මෙම අගතිදායී ටෙන්ඩරය වසර 14ක් පුරාම අත්තනෝමතික ආකාරයෙන් භාවිතයේ යොදවමින් සිටින කුප්‍රකට මැඩ්රාස් සෙක්‍යුරිටි ප්‍රින්ටින් සමාගමට හිමි ටෙන්ඩර් කාලය මේ වසරේ අවසන් වීමට තවත් ඉතිරිව ඇත්තේ කෙටි කාලසීමාවකි. නව ටෙන්ඩර බලපත්‍රයත් එම කුප්‍රකට සමාගම වෙතම දිනා දීමට මෙරට ප්‍රබල චරිත කිහිපයක් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ අතර මහජන වැටුපෙන් යැපෙන රජයේ ඉහළ නිලධාරීන්ද සිටින බව සඳහන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart