
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ අස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා දේවගැතිවරයෙක් ලෙස පෙනීසිටින ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා කටයුතු කර ඇද්දැයි යන්න පිළිබඳව විමර්ශකයන්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා සඳහන් කරයි.
බුදුන් වහන්සේට සහ ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාවට එරෙහිව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ.
ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආන්දෝලනාත්මක දේශක ජෙරොම් ප්‍රනාන්දු හා ඔහුගේ ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නැමැති දේවගැතිවරයා අතර පවතින සම්බන්ධතා සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ විවධ තොරතුරු හුවමාරු වෙමින් පවතී.
මීට මාස දෙකකට පමණ පෙර දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නැමැති දේවගැතිවරයා අන්තර්ජාතික රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකු බව අල් ජසීරා රූපවාහිනිය වාර්තාමය වැඩසටහනක් ඔස්සේ අනාවරණය කර තිබිණි.
ඌබට් ඒන්ජල් සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවාගේ සමීපතමයෙකු වන අතර ඔහු එරට රජයේ විශේෂ තානාපතිවරයකු ලෙස කටයුතු කරමින් අන්තර්ජාතික මට්ටමේ රන් ජාවාරම් සහ මුල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන ආකාරය අල් ජසීරා රූපවාහිනිය ගවේෂණාත්මකව වාර්තා කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart