
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් වැඳුම් පිදුම් කරනු ලැබූ බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක් රුපියල් කෝටියකට ඉන්දීය ජාතිකයකුට අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටි කට්ටඩියකු කුරුවිට ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් ඊයේ (26දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
වලාන දූෂණ මර්දන බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලැබුණු ඔත්තුවකට අනුව ඉන්දීය ව්‍යාපාරිකයකු ලෙස වෙස්වළාගෙන ගිය පොලිස් නිලධාරියකු විසින් මෙම සැකකරු සමග බුද්ධ ප්‍රතිමාව අත්අඩංගුවට ගෙන තිබේ.
රන්, රිදී, පිත්තල ඇතුළු ලෝහ වර්ග කීපයක් යොදාගෙන නිමවා ඇති මෙම බුද්ධ ප්‍රතිමාව කිලෝග්‍රෑම් 48ක් බරින් යුක්තය.
අඩි 3යි අඟල් 1ක් උස, අඩි දෙකහමාරක් පළල මෙම ප්‍රතිමාව නුවර ප්‍රදේශයේ ස්ථානයකින් ලබාගත් බව අත්අඩංගුවට ගත් කට්ටඩියා ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.
මෙම පිළිමය පිළිබඳව විමර්ශන පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කරන බව වලාන දූෂණ මර්දන බළකාය පවසයි.
මෙම පිළිමය අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ නම් එය හොර රහසේම වෙනත් රටකට අලෙවි කිරීමට නියමිතව තිබූ බවද පොලිසිය කියා සිටියි.
මෙම බුද්ධ ප්‍රතිමාව රාජසිංහ රජු වසර ගණනක් තිස්සේ වැඳුම් පිදුම් කිරීමට යොදාගෙන ඇති බවට සැකකාර කට්ටඩියා ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් මේ පිළිබඳ නිවැරදි වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්ව හරහා ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart