
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජපාන සංචාරය අතරතුර දී මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (23) දිවයිනෙන් පිටත්විය.
මැයි 24 සිට 27 දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට ඇගමැති ෆුමියෝ කිෂිඩා ( Fumio Kishida) සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ අන්තර්ජාතික කටයුතු පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු කර ගනු ඇත.
පසුගිය යහපාලන රජය සමයේ, ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේ (JICA) අරමුදල් යටතේ, මාලඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු, ප්‍රසම්පාදන සහාය, ඉදිකිරීම්, අධීක්ෂණය හා ව්‍යාපෘති කළමනාකරණය සඳහා වන කොන්ත්‍රාත්තුව ජපානයේ Oriental Consultants Global Co. Ltd., Japan International Consultants for Transportation Co. Ltd., Chodai Co. Ltd. හා Nippon Koei Co. Ltd. සහ ශ්‍රී ලංකාවේ Consulting Engineers & Architects Associated (Pvt.) Ltd යන ආයතනවලින් සැඳුම්ලත් ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබිණි.
කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීන්දු කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart