
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු” යන මැයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.
දැනට පොලිස් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිට අකටයුතුකම් සිදුවන බවට සමාජය තුළ මතුවෙමින් පවතින කතාබහ සැළකිල්ලට ගනිමින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර අත්අඩංගුවේ පසුවෙද්දී ඝාතනය කිරීම සහ ඉන් අනතුරුව ඔහුගේ දේහය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය වැනි, අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් ඝාතනයට ලක්වූ අතීත ප්‍රචණ්ඩකාරී සිදුවීම් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් තුළ නැවත සිදුනොවිය යුතු බවට සමාජය තුළ දැඩි විශ්වාසයක් පවතින බව ලිපියේ අත්සන්කරුවෝ පෙන්වාදෙති.
ඒ අනුව, ‘නීතිය ඉදිරියේ සියල්ලන් සමානයි’ යන මූලධර්මයට අනුකූලව, මෙම හිටපු බුද්ධි ප්‍රධානියා ද සාමාන්‍ය සැකකරුවකු ලෙස සලකා කටයුතු කරන ලෙසත්, සියලු කරුණු සමබරව සමාලෝචනය කරන ලෙසත් එම ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ලිපියට අත්සන් තැබූ හිටපු මන්ත්‍රීවරු වන්නේ:
ඩලස් අලහප්පෙරුම
නීතිඥ ඩිලාන් පෙරේරා
ඩී.බී. හේරත්
ආචාර්ය ගුණපාල රත්නසේකර
කරු කොඩිතුවක්කු
වෛද්‍ය තිලක් රාජපක්ෂ
වෛද්‍ය උපූල් ගලප්පත්ති
ලලිත් එල්ලාවල
කේ.පී.එස්. කුමාරසිරි




Adding {{itemName}} to cart
Added {{itemName}} to cart