Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවැති ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනාවට ලක්ව සිටින ඉන්දීය ක්‍රිකට් කළමනාකරු යෝගී පටෙල්ට රටින් පිටවීම මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් කර තිබේ.
ඉන්දීය ක්‍රිකට් කළමනාකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් තහනම පිළිබඳව දැනුම්දෙන ලෙසත් මාතලේ මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න නියෝග කර ඇත.
හෙතෙම රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැරිමටද විනිසුරුවරයා කටයුතු කර තිබේ.
මහනුවර පැවැති ක්‍රිකට් තරගාවලියකදී තරග පාවාදීමේ චෝදනාව මත මහනුවර සැම්ප් යුද හමුදා පිලේ (Kandy Samp Army team) කළමනාකරු වන යෝගී පටෙල්ට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන ලදී.
විශ්‍රාමික ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සහ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයකු මේ පිළිබඳව සිදුකළ චෝදනාවෙන් පසු පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.
තරග පාවාදීම් සම්බන්ධ වැරදි කිහිපයක් අපරාධයක් බවට පත්කළ පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව වන අතර, නව රෙගුලාසි යටතේ විභාග කෙරෙන පළමු නඩුව මෙය වේ.
2019 වසරේ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් හඳුන්වා දුන් නීති අනුව, තරග පාවාදීම් සම්බන්ධයෙන් වරදකරුවන්ට වසර 10ක සිරදඬුවමක් සහ ඩොලර් 555,000ක දඩයකට යටත් විය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart