June 8, 2023

අවම ඉන්ධන තොග පවත්වා නොගත් ඉන්ධනහල් හිමියන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නිළධාරීන් අතර ඊයේ(08) පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

තෙල් සංස්ථාව සමග ගිවිසුම්ගත ඉන්ධන පිරවුම්හල් 1050න් 423ක් පමණක් පසුගිය සතිය තුළ සියලුම ඉන්ධන වර්ගවල අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් තිබූ බව එහිදී අනාවරණය වී ඇත.

එමෙන්ම ඉන්ධන හල් 255ක් කිසිදු ඉන්ධන වර්ගයක් අවම තොග පවත්වාගෙන යෑමට අපොහොසත් වී ඇති බවද, ඉන්ධනහල් 363ක් එක් ඉන්ධන වර්ගයක පමණක් අවම තොග පවත්වාගෙන ගොස් ඇති බවද නිරීක්ෂණය වී තිබේ.

නිසි පරීක්ෂණයකින් පසු අවම ඉන්ධන තොග පවත්වා නොගත් ඉන්ධනහල් හිමියන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එහිදී උපදෙස් ලබාදී ඇත.