
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය පාලන සමයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර, මහල් දෙකක් පමණක් නිමවා වසර ගණනාවක් තිස්සේ විනාශ වීමේ අවදානමකට ලක්ව තිබූ මාතර, දෙනියාය කලාපයේ මාර/අලපලාදෙනිය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මාලිමා රජය යටතේ සාර්ථකව අවසන් කර ඊයේ (20)දා සිසු අයිතියට පවරා තිබේ.
දේශපාලන උදාසීනත්වයේ හිරවී තිබූ මෙම ව්‍යාපෘතිය මාස පහක් වැනි ඉතා කෙටි කාලයක් තුළ රුපියල් කෝටි හතරකට අධික පිරිවැයක් වැය කරමින් කඩිනමින් නිම කිරීමට වත්මන් රජය පියවර ගත් බවත් අධ්‍යාපනයට හැකි තරම් මුදල් වෙන් කරමින් හිතකාමී ව්‍යාපෘති සිදු කරන බවත් මාධ්‍ය හමුවේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් පැවැසුවේය.
විදුහල්පති ඩබ් ජී දයානන්ද පැවසුවේ අතරමග නතර වූ පාසලේ ගොඩනැගිල්ල ඉදිකර දෙන්නැයි අගමැතිනිගේ පෞද්ගලික සමාජ මාධ්‍ය පිටුවට කමෙන්ට් එකක් දැමීම සමග අධ්‍යාපන ඇමතිවරිය ලෙස පළමු අයවැයෙන්ම මුදල් වෙන් කර දී පාසලේ පරිපාලනය හා අධ්‍යාපන කටයුතු පහසු කර දුන් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart