
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුප්‍රකට ‘ක්‍රිෂ්’ ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි 19 වැනි දින දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
අද (16) නීතිඥවරුන් අධිකරණ රාජකාරිවලින් වැළකී සිටීමට තීරණය කිරීම නිසා මෙම කල්තැබීමට නියෝග කරන ලදී.
කෙසේවෙතත්, නඩුව කැඳවූ විට, නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණ සිටියේය.
ඒ අනුව, කොළඹ මහාධිකරණය ඊළඟ නඩු විභාගය සඳහා පෙබරවාරි 19 වැනි දිනය නියම කළේය.
ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රවර්ධනය සඳහා යැයි කියමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 70 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා නාමල් රාජපක්ෂට එරෙහිව නඩුව ගොනුකර තිබේ.
පසුගිය සිකුරාදා අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමෙන් පසු, අද අධිකරණ කටයුතුවලින් වැළකීසිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගත් තීරණයට ශ්‍රී ලංකාව පුරා නීතිඥයන් සහාය දක්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart