
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය ජුනි මාසයේදි පැවැත්වීමට නොහැකිවූ ‘ලංකා T10’ තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේදි පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
දේශිය සහ අන්තර්ජාතික තරග කාලසටහන් සළකා බැලිමෙන් පසුව තරගාවලිය පැවැත්වීමට සුදුසු දෙසැම්බර් මස බවට අවසන් තීරණයකට එළඹුණූ බව එම ආයතනය පවසයි.
ඒ අනුව දෙසැම්බර් 12 වනදා සිට 23 වනදා දක්වා ලංකා T10 තරගාවලිය පැවැත්වීමට නියමිතය.
කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් පැවැත්වෙන තරගාවලියට කණ්ඩායම් 10ක් සහභාගි වනු ඇත.
විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු එක් කණ්ඩායමකට නම් කළ හැකිය.
මේ අතර අන්තර්ජාතික ලීග් විස්සයි විස්ස තරගාවලියේ දෙවන අදියර වෙනුවෙන් සහභාගි වන කණ්ඩායම් රදවාගත් සහ නිදහස් කළ ක්‍රීඩකයින් නිවේදනය කර තිබේ.
චරිත් අසලංක,මතීෂ පතිරණ,දිනේෂ් චන්දිමාල්, වනිදු හසරංග,දුෂ්මන්ත චමීර රදවාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන අතර, භානුක රාජපක්ෂ, ධනංජය දසිල්වා, චාමික කරුණාරත්න, දසුන් ශානක, ඉසුරු උදාන කණ්ඩායම් විසින් නිදහස් කල ක්‍රිඩක ලැයිස්තුවට ඇතුළත් වේ.
අන්තර්ජාතික ලීග් විස්සයි විස්ස තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජනවාරියේදි පැවැත්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart