
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ඇමැතිවරයකු වන ටිරාන් අලස්ට අයත් Ceylon Newspapers (Private) Limited ආයතනය විසින් පවත්වාගෙන යන ‘මව්බිම’ පුවත්පතේ සේවක වැටුප් නියමිත කාලසීමාව තුළ නොගෙවීම නිසා හිඟ වැටුප් ගෙවීමට කම්කරු දෙපාර්තමේන්තුව එම ආයතනයට ජුනි 12 දින සිට දින 21ක කාලයක් ලබා දී තිබියදීත් එම විධානය පැහැර හැරීම හේතුවෙන් නඩු පවරා එම මුදල් ලබා ගැනීමට මැද කොළඹ කම්කරු කාර්යාලය සූදානම් වන බව ‘මව්බිම’ පුවත්පතේ ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ (දැනට එම ආයතනයට ඇතුළුවීම තහනම් කර ඇති) රවිශාන් ප්‍රනාන්දු සඳහන් කරයි.
එම සූදානම පවතින්නේ, රවිශාන් ප්‍රනාන්දු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධවය.
ඒ අනුව ඔහුට ගෙවීමට නියමිත හිඟ වැටුප් රුපියල් 80,000ක් ජුලි03ට පෙර කම්කරු දෙපාර්තමේන්තුවට ගෙනවිත් භාරදිය යුතුව තිබේ.
මේ අතර පසුගිය 22දා එම Ceylon Newspapers (Private) Limited හි මානව සම්පත් කලමණාකාරිනිය කම්කරු දෙපාර්තමේන්තුවේ විමර්ශනයට පැමිණ සඳහන් කර ඇත්තේ අප්‍රේල් මසට අදාළව රුපියල් 40,000ක් (ජුනි) අවසානයට පෙර ගෙවන බවත් ඉතිරි හිඟ වැටුප් ගෙවීමට දිනයක් කිව නොහැකි බවයි.
එහිදී පැමිණිලි පාර්ශවය සඳහන් කර ඇත්තේ, දිගින් දිගටම සිදුවන මෙම අනීතික ක්‍රියා වැලැක්වීමට කම්කරු දෙපාර්තමේන්තුව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මේවනවිට එම ආයතනය සේවා ගිවිසුම්ද උල්ලංඝනය කරමින් අනුමැතික ලෙස තමා සේවයෙන් ඉවත් කර ඇති බවයි.
තවද ඔහු පවසා ඇත්තේ, එම සියලු කරුණු සටහන් කරගන්නා ලෙසක් තමා සේවකයෙක් ලෙස පිළිගන්නේනම් රැකියාව කරගෙන යෑමට ආයතනනයට ප්‍රවේශ වීමට ඉඩ ලබාදිය යුතු බවයි.
අනීතික ලෙස තමා සේවයෙන් ඉවත් කරඇති පසුබිමක එම ආයතනයට එරෙහිව නඩු පවරා තම හිඟවැටුප් ලබා දෙන ලෙස ද මාධ්‍යවේදීයා ඉල්ලා ඇත.
කෙසේවෙතත්, රවිශාන් ප්‍රනාන්දු ජනමාධ්‍යවේදියාගේ හිඟ වැටුප රුපියල් 80,000 අසූ දාහස නියමිත දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස දන්වා
කම්කරු දෙපාර්තමේන්තුව එම Ceylon Newspapers (Private) Limited ආයතනයට රතු නිවේදනයක් නිකුත් කළ බව එහිදී විමර්ශන මෙහෙයවු කම්කරු නිලධාරි එස්.පී.නන්දනරත්න අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart