
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා කිසිඳු ආකාරයකින් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්, කවරෙකු හෝ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුවත් කරන ලෙසත්, එවිට එම පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවැසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (26) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ඊශ්‍රායලයේ කෘෂි කාර්මික සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලංකිකයන් පිරිසකට ගුවන් ටිකට්පත් ලබාදුන් අවස්ථාවේදීය.
මෙරට රජය සහ ඊශ්‍රායල රජය අතර එකඟතාවයන් මත කෘෂිකාර්මික සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමුකිරීමේ වැඩසටහන් යටතේ තෝරාගත් පිරිසකට මෙලෙස ගුවන් ටිකට් පත් ලබාදීම සිදුකෙරිණි.
එහිදී ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් 39 දෙනකු සඳහා ගුවන් ටිකට්පත් ඇමැතිවරයා විසින් ප්‍රධානය කරනු ලැබිණි.
මේ අතර නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා අවස්ථාව හිමිවූ 32 දෙනකු හටද ගුවන් ටිකට්පත් ලබාදීම සිදුවිය.
ඒ අනුව මේවන විට ඊශ්‍රයාලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා 642 දෙනෙකු හට අවස්ථාව හිමිව ඇත.
මේ අතර, නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා මේ වන විට කණ්ඩායම් 108ක් පිටත්ව ගොස් ඇති අතර, මෙම වසරේ පමණක් එම ක්ෂේත්‍රයේ රැකියා සඳහා 268 දෙනකු හට අවස්ථාව හිමිව ඇත.
නිවාස පාදක සාක්තු සේවක රැකියා සඳහා මේවන විට සමස්ථයක් ලෙස 1102 දෙනෙකු හට රැකියා අවස්ථා හිමිව ඇත.
මෙම අවස්ථාවේදී ඇමැතිවරයා මෙසේද අදහස් දැක්වීය.
“රාජය හරහා ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීම වැලැක්වීමට මාෆියාවක් ක්‍රියාත්මක වුනා. ඔවුන් තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙලට මඩගැසීම් පවා කළා. විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලුදෙනාම අපේ රට නියෝජනය කරන තානාපතිවරුවන්ට සමානයි. ඒ නිසා රැකියා සඳහා යොමුවෙන සියලුදෙනා තමන්ගේ රැකියාව නිසි ලෙස සිදුකරලා තවත් ශ්‍රී ලාංකිකයින් හට රැකියා අවස්ථා ලැබෙන විදිහට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ නීතියටත් ඊශ්‍රායලයේ නීතියටත් පිටුපාලා එරට රැදී ඉන්න කිසිම කෙනෙකුට රැකියා දෙන්න එපා කියල ඊශ්‍රායල රජයෙන් මම ඉල්ලා සිටියා. නීති විරෝධීව ඉන්න අයට රැකියා දුන්නොත් අපේ කිසිම ශ්‍රි ලාංකිකයෙකුව රැකියා සඳහා එවන්නේ නැති බවත් මම එහිදී ඊශ්‍රායල රජයට කිව්වා. මගේ ඉල්ලීමට ඊශ්‍රායල රජය එකඟ වෙලා ඔවුන් ඒ රටේ නීති විරෝධීව ඉන්න පිරිසට රැකියා දීමෙන් වැළකුණා.
ඒ වගේම අද ඊශ්‍රායලයට යන අයත් මෙරට හෝ ඊශ්‍රායලයේ නීති උල්ලංඝණය කළොත් ඒ අයව නැවත ගෙන්වා ගන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා එරට ආරක්ෂක අංශ සමඟ විශේෂ වැඩසටහනක් මේවන විටත් ක්‍රියාත්මක කරලා තියෙනවා. කිසිම ආකාරයකින් වෙනත් පාර්ශවයකට සල්ලි දීලා රැකියා ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා කවුරුහරි එහෙම සල්ලි දීලා තියෙනවා නම් අපේ නිලධාරීන්ට වෙනම ඒක දැනුවත් කරන්න. අපි ඒ මුදල් ගත්ත අයට විරුද්ධ නිසි ක්‍රියාමාර්ග ගන්නවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart