
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිල තනතුරක් දරමින් සිටියදී තනතුර අවභාවිතා කිරීමේ චෝදනාව මත බ්‍රිතාන්‍යයේ තුන්වෙනි චාල්ස් රජතුමාගේ බාල සොහොයුරු ඇන්ඩෲ මවුන්ට්බැට්න් වින්ඩ්සර් අද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෑත කාලීන ඉතිහාසයේදී බ්‍රිතාන්‍ය රජ පවුලේ මෙතරම් ඉහළම පෙළේ සාමාජිකයෙක් අත්අඩංගුවට පත්වුණ ප්‍රථම වතාව මෙයයි.
පසුගිය වර්ෂයේ අග භාගය දක්වාම ඇන්ඩෲ කුමාරයා ලෙසින් හැඳින්වුණ ඔහු, ළමා දූෂක ජෙෆ්රි එප්ස්ටීන් සමග පැවැත්වූ සමීප සම්බන්ධතා පිළිබඳව දිගින් දිගටම කෙරුණ හෙළිදරව් කිරීම් හමුවේ සියලු රාජකීය තනතුරු අත්හැර, වින්ඩ්සර් මාලිගයේ පිහිටි සිය නිල නිවාසයෙන් ද ඉවත්ව යාමට සිදුවුනා.
එවක් පටන් අද අත්ඩංගුවට පත්වන තුරු ඔහු වාසය කළේ, නෝෆක් පළාතේ Sandringham ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලට අයත් නිවාසයක.
රජතුමා දන්නේ නැතිලු
සාමාන්‍යයෙන් මෙවැනි අසාමාන්‍ය මට්ටමේ අත්අඩංගුවට ගැනීමක දී පොලිසිය විසින් රජතුමා දැනුවත් කිරීමක් කෙරෙන නමුත් බීබීසී ය වාර්තා කරන අන්දමට චාල්ස් රජතුමා හෝ බකිංහැම් මාලිගය ඒ බව දැනුවත්ව සිට නැහැ. නමුත් බොහෝ එප්ස්ටීන් ලිපිගොනුවල ඇන්ඩෲ වින්ඩ්සර් ගේ නම සඳහන් වීම සහ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට එප්ස්ටීන් වින්දිතයින් දිගින් දිගටම හඬ නැගීම හමුවේ ඔහුට එරෙහිව පොලිස් උකුසු ඇස යොමු වී තිබූ බව පැහැදිලිවම රජතුමා සහ රජ පවුල දැන සිටියා.
සිවිල් ඇඳුමින් සැරසිලා ඇවිත් හිටපු පොලිස් නිලධාරීන් ඔහු arrest කළේ බ්‍රහස්පතින්දා උදෑසන 8ට පමණ. අඩුම තරමින් පොලිසිය ඇවිත් තිබුණේ පොලිසිය කියල සටහන් කරලා තිබුණ වාහනවලවත් නෙවෙයි. නමුත් කිසියම් දෙයක් සිදුවෙමින් තියන බව මාධ්‍යවේදීන්ට ඉව වැටිලා තිබුණ. පොලිසිය නිවේදනය කරන්න කලින් උදේ 10ට පමණ බීබීසී ය ඔහු අත් අඩංගුවට ගැනීම ගැන Breaking News එකක් දැම්ම. ඒ එකක්ම පොලිසිය නිවේදනයක් නිකුත් කළත් අඩුම තරමේ සැකකරුගේ නමවත් නොකියන්න තරම් පොලිසිය ප්‍රවේශම් සහගත වෙලා තිබුණ.
සිය සොහොයුරා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ චාල්ස් රජතුමා කියාසිටියේ, පොලිස් පරීක්ෂණවලට තමන්ගේ සම්පූර්ණ සහය හිමිවන බව. තරාතිරම නොබලා “අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතු” බවත් රජතුමා පවසනවා. විලියක් කුමරු සහ කේට් කුමරියත් රජතුමාගේ ප්‍රකාශය අනුමැත කරන බවත් බීබීසී ආයතනය පවසනවා.
ඇන්ඩෲ මවුන්ට්බැට්න් වින්ඩ්සර් එප්ස්ටීන් ලිපිගොණුවලට අදාලව මෙතෙක් අත් අඩංගුවට පත් ඉහළම පෙළේ පුද්ගලයායි. පොලිසිය පවසන්නේ, බ්‍රිතාන්‍ය රජයේ වෙළෙඳ ප්‍රවර්ධන නියෝජිතයෙකු වශයෙන් කටයුතු කළ සමයේ ජෙෆ්රි එප්ස්ටීන් සමග රහසිගත තොරතුරු හුවමාරු කරගත් බවට ඔහුට එරෙහිව ලැබී තිබුණ පැමිණිල්ලක් මත පදනම්ව මේ අත්අඩංගුවට ගැනීම සිදු කළ බව. ඔහු සම්බන්ධ තොරතුරු ඇතුළත් පිටු පහක ලිපියක් පොලිසියට ලබාදුන් බව හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන් පවසනවා.
අත්අඩංගුවට පත්වීමට පෙර ඇන්ඩෲ මවුන්ට්බැට්න් වින්ඩ්සර් දිගින් දිගටම අවධාරණය කළේ, තමන් කිසිදු අපරාධමය වරදක් සිදුකොට නැති බව.
තවමත් කිරුල හිමි කුමාරයෙක්!
බ්‍රිතාන්‍ය රජතුමාගේ බාල සොහොයුරා පොලිස් අත් අඩංගුවට පත්වෙන්නේ ඔහුගේ 66 වෙනි උපන් දිනය දවසේ.
තවදුරටත් රජ කුමාරයෙක් හෝ කිසිම රාජකීය තනතුරක් දරන්නෙක් නොවුණත්, ඔහු තවමත් බ්‍රිතාන්‍ය කිරුළේ උරුමක්කාරයෙක්. ඇන්ඩෲ මවුන්ට්බැට්න් වින්ඩ්සර් අත් අඩංගුවට පත්වන මොහොතේත් බ්‍රිතාන්‍ය සිහසුනේ පිළිවෙලින් අට වෙනි උරුමකරුවායි. (Eighth in line to the throne). පසුගිය ඔක්තෝබරයේදී යෝක් හි ආදිපාද පදවිය ඇතුළු සියලු රාජකීය තනතුරු අත් හරිනු ලැබුවත්, විලියම් කුමරු, ඔහුගේ දරුවන් තිදෙනා සහ හැරී කුමරු හා ඔහුගේ දරුවන් දෙදෙනාගෙන් පසුව තවමත් බ්‍රිතාන්‍යයේ කිරුළට හිමිකරු ඔහුයි. අත් අඩංගුවට පත්වීම නිසා ඔහුට කිරුළට හිමි අයිතිය අහෝසි වෙන්නේ නැහැ; ඒක අහෝසි කිරීමට නම් අලුත් නීතියක් සම්මත කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සිදුවෙනවා.
ඇන්ඩෲ මවුන්ට්බැට්න් වින්ඩ්සර් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහු දැනට වාසය කරන නිවස සහ වින්ඩ්සර් මාලිගයේ ඔහු වාසය කළ නිවාසයත් සෝදිසි කරනු ලැබුවා. කෙසේ වුවත්, චාල්ස් රජතුමාගේ සොහොයුරා දිගු කාලයක් පොලිස් භාරයේ රඳවා ගනීවි කියල අපේක්ෂා කෙරෙන්නේ නැහැ. බොහෝ වෙලාවට පැය කිහිපයකින් ඔහු ඇප මත නිදහස් කෙරේවි. ඒ වගේම ඔහු අත් අඩංගුවට ගත්ත කියන්නේ අනිවාර්යයෙන්ම ඔහුට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කරනව කියන එකත් නෙවෙයි.
දවසින් දවස එප්ස්ටීන් ලිපිගොනුවල අලුත් කරුණු එළිදරවු වෙමින් තියන අතරවාරයේ පොලිස් අත්අඩංගුවට පත්වුණ බ්‍රිතාන්‍ය කිරුළේ උරුමකරු සම්බන්ධයෙන් පොලිසිය සහ ස්වාධීන අභිචෝදක කාර්යාලය ගන්න පියවර මොකක්ද කියල ඉදිරි දින කිහිපය තුළ, නැත්නම් සති කිහිපය තුළ, දැනගන්න ලැබේවි.
පසුගිය සති කිහිපය තිස්සේ එප්ස්ටීන් ලිපිගොනු කියපු ගමන් බ්‍රිතාන්‍යයේ මුලින්ම කියැවුණු නම පීටර් මැන්ඩෙල්සන්. ඔහු ඇමෙරිකාවේ තානාපති පදවියට පත්කිරීම නිසා අගමැති කියර් ස්ටාමර් ටත් දැවැන්ත දේශපාලන පීඩනයක් එල්ලවුණා. දැන් ටික කාලෙකට මැන්ඩෙල්සන් සහ අගමැති ස්ටාමර් ට විරුද්ධ චෝදනා බ්‍රිතාන්‍යයට අමතක වේවි. ඇත්තටම අගමැති කියර් ස්ටාමර ලොකු කුණාටුවකින් බේරුණා. ඒත් සමහර වෙලාවට ඒ කුණාටුව තාවකාලිකව යටපත් වුනා විතරක් වෙන්නත් පුළුවන්.
(ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී සරෝජ් පතිරණගේ ෆේස්බුක් ගිණුමින්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart