
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන ඔක්තෝබර් 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.
විදෙස්ගතව සිටි ඇය මැලේසියාවේ සිට පැමිණි ගුවන් යානයකින් ඊයේ රාත්රියේදී යළි දිවයිනට පැමිණ තිබුණාය.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා බව පවසමින් ඇය ඉකුත් සැප්තැම්බර් 16 වැනිදා අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබිණි.
ඊට පෙර දින (15) හදිසියේ රෝගාතුර වූ බව පවසමින් ඇය කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි අතර, අනතුරුව රෝහලේ සිට සෘජුවම ගුවන් තොටුපොළ වෙත ගොස් තිබූ බව වාර්තා විය.
කෙසේවෙතත්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් නිකුත් කරන ලද කැඳවීමක් තිබියදී ශිරන්ති රාජපක්ෂ දැනුවත්වම රටින් පිටව ගිය බවට පළවන වාර්තා රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග පසුව ප්‍රතික්ෂේප කළේය. එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා තිබුණේ ගුවන් තොටුපොළට පැමිණෙන තෙක් FCIDය මගින් ඒ පිළිබඳව ඇයට කිසිදු දැනුම් දීමක් සිදුකර නොතිබූ බවය.
මේ අතර, ‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශිරන්ති රාජපක්ෂ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ගොනුකර තිබුණාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart