
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන විත්තිකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත එම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුව විභාග කිරීමට පැමිණිල්ලට ඊයේ (26දා) අවසර ලබාදුන්නේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩුවට පාදක වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇත්තේ හා නඩු පවරා ඇත්තේ කොමිෂන් සභාවේ පූර්ව අනුමැතියකින් තොරව වන බැවින් එම නඩුවේ චෝදනා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට මහාධිකරණයට නීතිමය බලයක් නොමැති බව විත්තිය එම මූලික විරෝධතා මගින් පෙන්වා දී තිබිණි.
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවා රජයට රුපියල් දෙලක්ෂ තිස්දහසක මුදලක් පාඩු සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා තිබිණි.
පළමුවන විත්තිකරු අධිකරණය හමුවේ පෙනීසිටි අතර බන්ධනානාගර නිලධාරීන් විසින් දෙවැනි විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
එම නඩුවේ සාක්ෂි විභාගය ලබන ජූලි 22 වැනි දින ආරම්භ කිරීමට දින නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ දෙවැනි හා තෙවැනි සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද නියෝග කළේය.
විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට රැගෙනවිත් ආපසු රැගෙන යන අයුරු වීඩියෝගත කිරීමට උත්සාහ කළ රූපවාහිනි කැමරා ශිල්පීන්ට කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාතීන් යැයි පැවසෙන කිහිපදෙනක් පෙර දිනයේදී මෙන්ම ඊයේ (26දා) දිනයේත් දැඩි ලෙස බාධා කළහ.
සිය සහෝදර ජනමාධ්‍යවේදීන්ට සිදුකළ එම බාධාකිරීම් වැළැක්වීම සඳහා ඉදිරිපත් වූ මුද්‍රිත ජනමාධ්‍යවේදියකු වන මනෝප්‍රිය ගුණසේකරට එම පිරිස අතර සිටි පුද්ගලයකු තර්ජනය කර බැනවැදුණු අතර, ඉන් අනතුරුව එම පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් එම ජනමාධ්‍යවේදියාගේ ඡායාරූප ගැනීම නිසා ඔවුන් දෙදෙනා අතර උණුසුම් සංවාදයක් ද ඇතිවිය.
කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව ඊයේ දිනයේ කැඳවා අධිකරණ ශාලාවේ පස්වරු 1.00ට පාස්කු නඩුව කැඳවීමට නියමිතව තිබූ අතර, එම අධිකරණ ශාලාවට ඇතුළු වන විත්තිකරුවන් පරීක්ෂා කිරීම සඳහා පැමිණි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් රූපවාහිනි කැමරා ජනමාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට දන්වා තිබූ නමුත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම මත එම වෑයම ව්‍යවර්ථ වී තිබිණි.
මේ අතර නඩුවට කිසිදු සම්බන්ධතාවක් නොමැති එම පිරිස ජනමාධ්‍යවේදීන්ට බැනවදිමින් ඔවුන්ට තර්ජනය කරමින් බාධා කළ අයුරු ඒ අසලින් ගමන් කළ මහාධිකරණ විනිසුරුවරයකු දැක වහාම ඒ පිළිබඳ සොයාබලන ලෙසට මහාධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට නියෝග කොට ඇතැයි පැවැසේ.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart