
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දේශසීමා සෞඛ්‍ය සූදානම සහ ගුවන් සේවා ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් නව අධි තාක්ෂණික උපකරණ කට්ටලයක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට නිල වශයෙන් භාර දී තිබේ.
ජපාන රජයේ අරමුදල් මගින් සපයන ලද සහ අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරන ලද මෙම පරිත්‍යාගය, ප්‍රධාන පිවිසුම් ස්ථානවල යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයන්ගේ සැළකිව යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
සිල්ක් රූට් විවේකාගාරයේ පැවති මෙම උපකරණ කට්ටල භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා රජයේ, ජපන් තානාපති කාර්යාලයේ, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සහ අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානයේ කලාපීය නියෝජිතයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී තිබිණි.
අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂවරයාගේ නිල සංචාරයට සමගාමීව මෙම උත්සවය පැවැත්විණි.
‘නිරිතදිග ආසියාවේ බෝවන රෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා දේශසීමා පාලනයේ ධාරිතාව ශක්තිමත් කිරීම’ යන මාතෘකාවෙන් යුත් කලාපීය ව්‍යාපෘතියක කොටසක් වන මෙම වැඩසටහන සඳහා ජපාන රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක ප්‍රදානයක් ලබා දී තිබේ.
මෙය මෙම මුලපිරීම යටතේ උපකරණ පරිත්‍යාග කිරීමේ තුන්වැනි වටය සනිටුහන් කරයි.
මේ යටතේ ශ්‍රී ලංකාවට ප්‍රථම වරට උසස් C2 ස්කෑනර් හඳුන්වාදීම ඇතුළුව ගමන් මලු සහ භාණ්ඩ ස්කෑනර් 13ක් හිමිව ඇත.
හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ තුළ ඉදිකරන ලද අංගසම්පූර්ණ හුදකලා කාමරයක් ද ගුවන්තොටුපළේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා සංයුක්ත කසළ එකතු කිරීමේ ට්‍රක් රථයක් සහ ‘යුරෝ කාට්’ 50ක් ද මෙම ප්‍රදානයන්ට ඇතුළත් වේ.
මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා හමුවේ ගුවන්තොටුපළේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම උපකරණ, වෛද්‍ය සහ සනීපාරක්ෂක යටිතල පහසුකම් වේගවත්, ස්පර්ශ රහිත මගී පරීක්ෂාවට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ අතිරේක පරිත්‍යාග මෙම වසර අගදී සිදුකිරීමට නියමිත අතර, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ, කොළඹ වරාය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා එම පරිත්‍යාග සැලසුම් කර ඇත.
2025 අවසානයට පෙර ව්‍යාපෘතිය සඳහා විධිමත් නිමා කිරීමේ උත්සවයක් පැවැත්වෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart