
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටුනායක ගුවන්තොටුපොළ අවට පරිශ්‍රය මේ වන විට ඩුබායි රාජ්‍යයේ සිටින ‘හීනටියන මහේෂ්’ නමැත්තෙකුගේ අණසකට යටත් වී තිබෙන බව අනාවරණය වී තිබෙනවා.
කොළඹ කටුනායක පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ගුවන්තොටුපල ප්‍රධාන පිවිසුම අසළින් හරවා යැවීම සම්බන්ධව අනාවරණය වීමෙන් පසුව මහේශ් නමැත්තගේ කල්ලියේ සාමාජිකයන් විසින් අවස්ථා කිහිපයකදී බස් කොන්දොස්තරවරුන්ට සහ රියදුරන්ට පහරදීමට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් පොලිසිවලට පැමිණිලි ඉදිරිපත් කිරීමට එම රියදුරන් සහ කොන්දොස්තරවරුන් බියට පත්වී තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත සම්බන්ධව පවතින අනතුරුදායක තත්ත්වය නිසා බව පැවැසේ.
අවස්ථා කීපයක දී කීපයකදී රජයේ උසස් නිලධාරීන් ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් නිර්නාමික ලිපි මගින් දැනුවත් කිරීමට පියවර ගත්තද මේ වන විටත් එම ගැටලුවට විසඳුමක් ලබාදීමට ඔවුන් අපොහොසත් වී තිබේ.
බුද්ධි අංශ මගින් ද සිදු කළ විමර්ශන වලදී මෙම ගැටළු සහ එහි ඇති බැරෑරුම් තත්ත්වය උසස් නිලධාරීන් දැනුවත් කළද, ඒ සම්බන්ධයෙන් අවධානය මෙතෙක් යොමුවී නොමැති බව දැකගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart