
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් කරදියනාරු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, පොලිස් ස්ථානාධිපතිවරයා පදවාගෙන යමින් සිටි ජීප් රථයේ චෙන්කලඩි – කරදියනාරු මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියෙන් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහුට ඇප නියම විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart