
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන් තරගයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට කාලිංග කුමාරගේ සමත්ව තිබේ.
එහිදී ඔහු තත්පර 45.57ක දක්ෂතාවක් පෙන්නුම් කළේය.
ජපානයේ කෙන්ටාරෝ සැටෝ තත්පර 45.21කින් තරගය නිම කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය.
මේ අතර ඉතාලියේ පැවැත්වුණු රෝමා ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් 2024 ධාවන තරගාවලියේ දී පිරිමි මීටර් 100 ඉසව්වෙන් සිව්වැනි ස්ථානය කර ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ සමත්විය.
එහිදි ඔහු තරගය නිම කළේ තත්පර 10.21ක කාලයකිනි.
එම තරගයේ ප්‍රථම ස්ථානය ටෝකියෝ ඔලිම්පික් පදක්කම් ලාබී ජැකොබ් මාර්ෂල් හිමිකර ගත්තේ තත්ත්පර 10.07කින් තරගය නිම කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart