August 10, 2026

කොළඹ, මාළිගාවත්ත බීසීසී පාලම ආසන්නයේදී අද සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ නැමැත්තාගේ සමීපතම ඥාතියකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, මාළිගාවත්ත පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.