
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර මහනගර සභාවේ කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් ට්‍රැක්ටර් රථයක් මහනුවර මුල්ගම්පොල විහාරමාවත පැනරාමා අතුරු මාර්ගයේදී අඩි 30 ක පමණ බෑවුමකට පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර ඊයේ (03) පෙරවරු 9.45 ට පමණ සිදුව ඇත.
මුල්ගම්පොල ප්‍රදේශයේ කාණුවක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භාණ්ඩ රැගෙන යාමේදී ට්‍රැක්ටරය බෑවුමට පෙරළී තිබෙන අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඉහළ මාර්ගයේ සිට ට්‍රැක්ටරය බෑවුම ඔස්සේ පහළ මාර්ගයට වැටී තිබෙන බව පොලිසිය පවසයි.
හන්තාන උඩුවෙල ප්‍රදේශයේ පදිංචි නගර සභා සේවකයකු වන වන අසේල නිශාන්ත පෙරේරා (48) නැමති දෙදරු පිය අනතුරින් මියගොස් තිබෙන අතර ආර්. පී. සිවකුමාර් (46) සහ කේ. ජී විජේරත්න (48) යන දෙදෙනා තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔවුන් ට්‍රැක්ටරයේ ටේලරයේ ගමන් කර තිබෙන බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart