
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
IPL තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඉතා ඉක්මණින් ඉන්දියාව බලා පිටත්වීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ සඳහා ඔහුගේ අලුත විවාහ වූ බිරිඳ නිශ්නි ද සහභාගී වනු ඇතැයි වාර්තා පළවේ.
තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඉකුත් සඳුදා සිය දිගුකාලීන පෙම්වතිය වූ නිෂ්නි සමඟ විවාහ විය.
එහෙත් IPL තරඟාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින නිසාත් ඔහු IPL සඳහා ඔහුගේ පුහුණුවීම් ඉක්මණින්ම ආරම්භ කළ යුතුව ඇති බැවිනුත්, ඔවුන් දෙදෙනා මධුසමය ගතකිරීම සඳහා විදේශ රටකට නොයන බව පැවැසේ.
කමිඳුගේ භාර්යාව වන නිෂ්නි ඔහුගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය යන අංශ දෙකෙහිම වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart