
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටෙහෙරානයේ සම්බන්ධීකරණයකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන කිසිදු නව නාවික මාර්ගයක් පිළිගත නොහැකි මෙන්ම අතිශය අවදානම් සහගත බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය නැව් හිමියන්ට අනතුරු ඇඟවීය.
තම උපදෙස් නොසලකා හරින නෞකාවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ඔවුහු මෙහිදී අවධාරණය කළහ.
මෙම දැඩි අනතුරු ඇඟවීම මඟින් පැහැදිලි වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය තම සන්තකයේ තබා ගැනීමටත්, තම අවසරයකින් තොරව සිදුවන නාවික ගමනාගමන වැළැක්වීමටත් ඉරානය සතු දැඩි අධිෂ්ඨානයයි.
එසේම, උපායමාර්ගිකව අතිශය වැදගත් මෙම බලශක්ති නාලිකාව නැවත විවෘත කිරීම සඳහා පසුගිය සතියේ අමෙරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණද, මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් හිමියන් තවමත් අවිනිශ්චිතතාවයකට මුහුණ දී සිටින බව මේ හරහා මතු කෙරේ.
ඉරාන ජනමාධ්‍ය වාර්තා කරන පරිදි, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව ප්‍රකාශ කර ඇත්තේ ඉරානය විසින් නම් කරන ලද නාවික මාර්ගවල පමණක් ගමනාගමනයට අවසර ඇති බවයි. එමෙන්ම නියමිත සන්නිවේදන නාලිකා ඔස්සේ ඉරාන ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණය පවත්වා ගැනීම අනිවාර්ය වේ.
“මෙම මාර්ගවලින් බැහැරව යාත්‍රා කිරීම අතිශය අනතුරුදායක මෙන්ම තහනම් ක්‍රියාවක්. එබැවින් නම් කරන ලද නාවික මංතීරුවලින් බැහැරව කිසිදු ධාවනයක නොයෙදෙන ලෙස අප සියලුම යාත්‍රාවලට දැඩි ලෙස අවධාරණය කරනවා” යැයි විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ප්‍රධාන නාවික තොරතුරු කණ්ඩායමක් විසින් පසුගිය සෙනසුරාදා විකල්ප නාවික මංතීරු කිහිපයක් යෝජනා කිරීමෙන් අනතුරුව ඉරානය මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.
එම තොරතුරු කණ්ඩායම නැව් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ සංඥා ක්‍රියාත්මක කර තබමින්, දකුණු දිග නාවික මාර්ගය ඔස්සේ සමුද්‍ර සන්ධිය තරණය කරන ලෙසයි.
“ඕමාන් දේශසීමා මුහුදු සීමාව ඔස්සේ වැටී ඇති දකුණු දිග සංක්‍රමණික මාර්ගයේ බිම් බෝම්බ නොමැති බව තහවුරු කර ඇති බැවින්, ගමනාගමනය සඳහා වඩාත්ම සුදුසු මාර්ගය එයයි,” යනුවෙන් එම නිවේදනයේ දක්වා තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart