
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මින් ඉදිරියට අස්වැසුම සුභසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ දීමනා ගෙවනු ලබන්නේ දුප්පත් සහ අන්ත දුප්පත් පවුල් සඳහා පමණක් බව සුභසාධන ප්රතිලාභ මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
2023 වසරේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන මේ වන විට එහි දෙවන අදියර වෙත පිවිස ඇති අතර, ඊට අදාළව ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු ද මේ වන විට දිවයින පුරා සක්‍රීයව ක්‍රියාවට නැංවෙමින් පවතී.
ආරම්භක වටයේදී කාණ්ඩ හතරක් යටතේ පුද්ගලයන් මිලියන එකයි දශම හයකට ආසන්න පිරිසක් අස්වැසුම දීමනාව ලබා ගත්හ.
කෙසේ වෙතත්, ප්‍රතිලාභී ලැයිස්තුව වඩාත් නිවැරදිව වර්ගීකරණය කිරීමේ පියවරක් ලෙස 2025 වසරේ අප්‍රේල් මාසයේදී සංක්‍රාන්තික කාණ්ඩයේ පසුවූ ප්‍රතිලාභීන් තුන්ලක්ෂ පහළොස්දහසකගේ දීමනා අත්හිටුවීමට පියවර ගැනුණි.
ඉන් අනතුරුව 2026 වසරේ ජූනි මාසයේදී අවදානමට ලක්වූ කාණ්ඩයේ පසුවූ තවත් ප්‍රතිලාභීන් හාරලක්ෂ විසිපන්දහසකගේ දීමනා ගෙවීම ද නතර කර ඇති අතර, මේ හේතුවෙන් ප්‍රතිලාභීන් ලක්ෂ හතකට අධික පිරිසකගේ දීමනා දැනට අහිමි වී තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අස්වැසුම සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා සඳහන් කළේ දීමනා අත්හිටුවන ලද මෙම කාණ්ඩ දෙකට අයත් පවුල්වලට අසාධාරණයක් සිදු නොවන බවයි.
ඒ අනුව, එම පවුල් අතරින් සැබවින්ම දුප්පත් හෝ අන්ත දුප්පත් මට්ටමේ පසුවන බවට හඳුනාගන්නා පවුල් සඳහා, මෙම සංශෝධිත නව ක්‍රමවේදය යටතේ නැවත සහනාධාර ලබා ගැනීමට සුදුසුකම් ලැබීමේ අවස්ථාව විවෘතව පවතින බව ද සහකාර කොමසාරිස්වරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart