
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද වාර්තා කළ 5 වැනි ටෙස්ට් ශතකයත් සමග අඩුම ඉනිම සංඛ්‍යාවකින් ශතක 5ක් රැස්කළ ආසියානු පිතිකරුවා බවට පත්ව තිබේ.
මෙන්ඩිස් මෙම සන්ධිස්ථානය සනිටුහන් කළේ නවසීලන්තයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.
එය ඔහුගේ 13 වැනි ටෙස්ට් ඉනිම වේ.
මීට පෙර පාකිස්ථානයේ ෆවාඩ් අලාම් ටෙස්ට් ශතක 5ක් වාර්තා කර තිබුණේ ඉනිම 22 කදීය.
25 හැවිරිදි ඔහු මෙම ශතකය වාර්තා කිරීමත් සමග ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්රැඞ්මන්ගේ ඉනිම් 13කදී ශතක 5ක් රැස් කිරීමේ වාර්තාව සම කළේය.
කමිඳු මෙන්ඩිස් දැනට ලොව තුන්වැනි වේගවත්ම ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ බ්‍රැඩ්මන් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ජෝර්ජ් හෙඩ්ලි සමඟ එම ස්ථානය බෙදා ගනිමිනි.
මෙන්ඩිස්ට වඩා වේගයෙන් එම සන්ධිස්ථානය අත්කර ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ එවර්ටන් වීක්ස් ඉනිම 10කදී සහ එංගලන්තයේ හර්බට් සට්ක්ලිෆ් ඉනිම 12කදීය.
ඊට අමතරව කමිඳු මෙන්ඩිස් ඉනිම 38කදී එම ලකුණු ගණන රැස්කළ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ද අභිබවා ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart