
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කළුතර ශික්ෂණ රෝහලට අනුබද්ධව කළුතර ගල්ලස්ස ප්‍රදේශයේ ඉදිවූ මාතෘ හා ළමා රෝහල් සංකීර්ණය විවෘත කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15) පැවැති උත්සවය එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් වර්ජනය කර ඇතැයි වාර්තා වේ.
බාල ඖෂධ ගෙන්වීම, ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අර්බුද සමනය කිරීමට ඇමැතිවරයා කිසිදු මැදිහත් වීමක් නොකිරීම පිළිබඳව විරෝධය පළ කරමින් මෙසේ විශේෂඥ වෛද්‍යවරුන් සියලුදෙනා ඇතුළු වෛද්‍යවරුන් රැසක් එම උත්සවය වර්ජනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන් සියලුදෙනා සහ සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙන් දෙදෙනෙක් හැර අන් සියලු දෙනා මෙම උත්සවයට නොපැමිණි බව වාර්තා වේ.
එවැනි අඩුවක් තමන්ට නොදැනුණු බව මේ සම්බන්ධව කළුතර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය මධුභාෂිනි කරුණාරත්නගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කර ඇත.
කෙසේවෙතත් එදින ඉරිදා දිනයක් වූ බැවින් වෛද්‍යවරුන්ගෙන් පිරිසක් නිවාඩු බවත්, අනෙක් පිරිසද වාට්ටුවල රාජකාරි බැවින් උත්සවයට සහභාගි නොවූවා විය හැකි බවත්, ඇය සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart