
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවේ හිටපු සහකාර මහලේකම් ටිකිරි ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයනි නිර්මලා කස්තුරිරත්න මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් දිවයිනේ සියලුම දිසා අධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන එකම සංවිධානය වන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSASL) සිය අප්‍රසාදය පළ කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් අධිකරණ සේවා සංගමය පෙන්වාදී ඇත්තේ මෙම පත්වීම් දෙක රටේ අධිකරණය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ මහජන විශ්වාසයට අහිතකර ලෙස බලපෑ හැකි බවයි.
අධිකරණයේ ස්වාධීනත්වයට, විශේෂයෙන්ම නඩුකාර විනිශ්චයකාරවරුන්ගේ ස්වාධීනත්වයට හානියක් වන මෙම පත්වීම් දෙක සම්බන්ධයෙන් සිය අතෘප්තිය ප්‍රකාශ කිරීමට ජූනි 01 වැනිදා කැඳවා තිබූ විශේෂ විධායක කමිටු රැස්වීමේදී සේම සංගමය තීරණයක් ගත් බව පැවසේ.
2023 මැයි 26 වැනි දින ලිපියක් මගින් සිය සංගමය කරන ලද ඉල්ලීම නොසලකා හරිමින් ජනාධිපතිවරයා මෙම පත්කිරීම් සිදු කර ඇති බවද අධිකරණ සේවා සංගමය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart