
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයින් 242ක් සමඟින් ලන්ඩන් බලා පියාසර කරමින් තිබියදී අනතුරට පත් එයාර් ඉන්දියා ගුවන් යානයේ ගමන් ගත් පුද්ගලයන් පිළිබඳ හදකම්පා කරවන පුවත් වාර්තා වෙමින් තිබේ.
ඒ අතරින් වැඩි අවධානයකට ලක්ව ඇත්තේ එම යානයේ ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා පිළිබඳවයි.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා අනුව වෛද්‍ය කෞමි වියාස් සහ වෛද්‍ය ප්‍රතීක් ජෝෂි සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා අනතුරට පත් එයාර් ඉන්දියා ගුවන් යානයෙන් ලන්ඩනය බලා ගමන් කරමින් සිට තිබේ.
ගුවන් අනතුරින් ඔවුන් සියලුදෙනා මියගොස් ඇත.
ගුවන්ගත වීමට පෙර ඔවුන් සියලු දෙනා ගුවන් යානයේදී සෙල්ෆි ඡායාරූපයක් ලබාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ එය පළකර ඇති අතර, ඒ ඔවුන් පෙනීසිටි අවසන් ඡායාරූපයයි.
සමාජ මාධ්‍ය සටහනකට අනුව, ප්‍රතික් ජෝෂි පසුගිය වසර හය තුළ ලන්ඩනයේ ජීවත් වූ අතර, වෛද්‍යවරියක වූ බිරිඳ සහ දරුවන් තිදෙනා ඉන්දියාවේ ජීවත් වී තිබේ.
අවසානයේ ඔවුන් සියලුදෙනා ලන්ඩනයට රැගෙනයෑමට ප්‍රතික් ජෝෂි පැමිණ ඇති අතර, සියලුම ලිපි ලේඛන සහ අනෙකුත් කටයුතු සම්පූර්ණ කර ඒ සඳහා සූදානම් කර වෛද්‍ය කෞමි, ඇය සේවය කළ පෞද්ගලික රෝහලෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනමාධ්‍ය වාර්තා අනුව ඔවුන් පස්දෙනා වරක් මහනුවර ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති අතර, එහිදී ලබාගත් පවුලේ ඡායාරූපයක් ද අනතර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
එහෙත් එම පවුල ශ්‍රී ලංකාවට පැමිණියේ කවදාද යන්න තවමත් අනාවරණය වී නොමැත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart