
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමරිකානු නළුවකු සහ මල්ලවපොර ක්රීඩකයකු වන ජෝන් සීනා ලෝක රෙස්ලින් ක්රීඩා (WWE) ඉසව් සඳහා තරඟ කිරීමෙන් විශ්රාම යන බව නිල වශයෙන් ප්රකාශ කර තිබේ.
කැනඩාවේ ටොරොන්ටෝ හි පැවති Money in Bank ඉසව්වේ පිරී ඉතිරී ගිය උද්යෝගිමත් සෙනඟක් ඉදිරියේ ඔහු ඒ බව නිවේදනය කළේය.
එහිදී සීනා පැවසුවේ ඔහුගේ අවසන් තරඟය 2025 දී පැවැත්වෙන බවයි.
47 හැවිරිදි ඔහු 2001 දී ලෝක මල්ලවපොර ශූරතා තරගාවලිය හා සම්බන්ධ වූ අතර 16 වතාවක් ලෝක ශූරතාවය ලබාගෙන ඇත.
ජෝන් සීනා මේ දක්වා ලොව සිටින හොඳම මල්ලවපොර ක්රීඩකයකු ලෙස සැළකේ.
සීනා නිවේදනය කළේ 2025 දී රෙස්ල්මේනියාවේ පෙනී සිටීම ඔහුගේ WWE වෘත්තිය අවසන් වනු ඇති බවයි.
“අන්තිම කාලය දැන්” සහ “ජෝන් සීනා සමුගැනීමේ සංචාරය” යනුවෙන් සඳහන් ටී-ෂර්ට් එකක් හැඳ ඔහු සිය සමුගැනීම නිවේදනය කරන විට ටොරොන්ටෝ වෙත රැස්ව සිටි පිරිස “ස්තූතියි සීනා” යනුවෙන් හඬනගා තිබේ.
“ඔබ ගොඩනඟන ලද වේදිකාවේ මට සෙල්ලම් කිරීමට ඉඩදීම” ගැන ටොරොන්ටෝ ප්රේක්ෂකයන්ට ස්තුති කරන විට සීනා මෙය “කරුණාවේ ඇදහිය නොහැකි අභිනය” බව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart