
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා වන ජොහාන් පීරිස් සිය කඳු තරණ මෙහෙයුමේ තවත් අදියරක් සම්පූර්ණ කර තිබේ.
ඒ යුරෝපයේ උසම කන්ද ලෙස සැළකෙන රුසියාවේ එල්බ්‍රස් කන්ද තරණය කරමින්ය.
කඳු මුදුනේ සිට ශ්‍රී ලංකා ජාතික ධජය අතැතිව ගත් ඡායාරූපයක් සිය නිල ෆේස්බුක් ගිණුමට එකතු කරමින් ජොහාන් පීරිස් මෙම ජයග්‍රහණය ලොවට පැවසීය.
“රුසියාවේ එල්බ්‍රස් කන්ද මුදුනේ සිට, මම අද පෙරවරු 7:36 ට ආඩම්බරයෙන් ශ්‍රී ලංකා ධජය එසවූයේ, එය ප්‍රථමවරට යුරෝපීය මහාද්වීපයට ඉහළින් ලෙලදෙන ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමිනි.” ජොහාන් පීරිස් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
ලොව මහාද්වීප හතෙහි උස්ම ස්ථාන තරණය කිරීමේ මෙහෙයුමක නිරත ව සිටින පීරිස් මේ වන විට ආසියාවේ එවරස්ට්, අප්‍රිකාවේ කිලිමන්ජාරෝ, ඕස්ට්‍රේලියාවේ කොස්කියුස්කොව්, දකුණු ඇමරිකාවේ ඇකොන්කාගුවා, උතුරු ඇමරිකාවේ ඩෙනාලි සහ යුරෝපයේ එල්බ්‍රස් කඳු මුදුන් සාර්ථකව තරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart