
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික දේශක ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පවත්වන සිම්බාබ්වේහි ප්‍රකට ආගමික දේශකයකු වන යූබර්ට් ඒන්ජල්, පහරදීමේ සහ අස්වාභාවික ලිංගික ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
සැබෑ නම යූබර්ට් මුඩ්සානිරේ වන ඒන්ජල්, ඉරිදා (නොවැම්බර් 22) අත්අඩංගුවට ගත් බව සිම්බාබ්වේ ජනරජ පොලිසිය තහවුරු කළේය.
“අශෝභන ලෙස පහරදීමේ සහ අස්වාභාවික ලිංගික ක්‍රියා සම්බන්ධ චෝදනා මත අද පස්වරුවේ දිවැසිවර යූබර්ට් ඒන්ජල් අත්අඩංගුවට ගත් බව සිම්බාබ්වේ ජනරජ පොලිසිය තහවුරු කරයි” යනුවෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
සිම්බාබ්වේ මාධ්‍ය වාර්තාවලට අනුව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් පෝල් නයති ද මෙම අත්අඩංගුවට ගැනීම තහවුරු කර තිබේ.
‘ස්පිරිට් එම්බසි’ නිර්මාතෘවරයා වන ඒන්ජල් ප්‍රසිද්ධ ආගමික චරිතයක් වන අතර, සිම්බාබ්වේහි විශේෂ තානාපතිවරයකු ලෙස ද සේවය කර ඇත.
එරට ජනමාධ්‍ය වාර්තාවලට අනුව, ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හරාරේ නුවර පැවැති දේව මෙහෙයක් අතරතුරදීය.
ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ අනන්‍යතාව ඇතුළුව මෙම චෝදනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු පොලිසිය මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නොමැත.
මෙම චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ ඔප්පු වී නොමැත.
ඒන්ජල්, ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක දේශකයකු වන ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පවත්වන අතර, ජෙරොම් ප්‍රනාන්දු විසින් ඔහුව සිය ‘ආධ්‍යාත්මික පියා’ සහ ආගමික උපදේශකයා ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා දී තිබේ.
තමන්ව දිවැසිවරයකු ලෙස හඳුන්වා ගැනීමට දිරිගැන්වීම ඇතුළුව, තම ආගමික ගමන් මඟ තුළ ඒන්ජල් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ බව ජෙරොම් ප්‍රනාන්දු මීට පෙර පැවැති සම්මුඛ සාකච්ඡාවලදී පිළිගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ‘ඩේලි මිරර්’ පුවත්පත සමඟ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී, තම දියණිය ඒන්ජල්ගේ පුත්‍රයා සමඟ විවාහ ගිවිසගෙන ඇති බව ද ජෙරොම් ප්‍රනාන්දු තහවුරු කළේය.
මෙම දේශකයන් දෙදෙනා අතර පවතින සබඳතාව මීට පෙර ද ශ්‍රී ලංකාව තුළ මහජන අවධානයට ලක්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart