
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට විදේශගතව සිටින කුප්‍රකට දේශක ජෙරොම් ප්‍රනාන්දු බෞද්ධ ප්‍රජාවගෙන් සමාව ඉල්ලා ඇත.
තමාගේ වචනවලින් යම් ආකාරයක චිත්තවේගීය ලෙස රිදවීමක් සිදුවී ඇත්නම්, බෞද්ධ පූජක පක්ෂයෙන් සහ බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ජනතාවගෙන් සමාව අයදින බව, සමාජ මාධ්‍ය හරහා සජීවී වීඩියෝවකින් ප්‍රකාශයක් නිකුත් කරමින් ජෙරොම් ප්‍රනාන්දු සඳහන් කර ඇත.
“මම කිසිම වරදක් කරලා නැහැ. මා කිසිඳු වරදක් කර නොමැති අතර, මගේ වචන වලින් යම් ආකාරයකින් ඔබට චිත්තවේගීය ලෙස රිදුනේ නම්, මගේ බෞද්ධ සහෝදරයන්ගෙන්, හින්දු සහෝදරයන්ගෙන්, මුස්ලිම් සහෝදරයන්ගෙන් සහ සහෝදරියන්ගෙන් සමාව ඉල්ලා සිටීමට මට අවශ්‍යයි”, යැයි ඔහු එහිදී පවසයි.
ශ්‍රී ලංකාවේ බෞද්ධ පූජක පක්ෂයෙන් නිහතමානීව සමාව අයදින බවද ජෙරොම් ප්‍රනාන්දු එහිදී සඳහන් කරයි.
කෙසේ වෙතත්, තමා සමාව අයැද සිටින්නේ සත්‍යය දේශනා කිරීම සම්බන්ධයෙන් නොව අනෙකුත් ප්‍රජාවන්ගේ සිත් රිදවීම සම්බන්ධයෙන් බව දේවගැතිවරයා අවධාරණය කරයි.
මේ අතර, ජෙරොම් ප්‍රනාන්දු කියා සිටින්නේ තමාට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට මේ වන විට ඔහුගේ නීතීඥයින් මාර්ගය සූදානම් කරමින් සිටින බවයි.
“මම ආපහු ගෙදර එනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart