
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිවානය පදනම් කර ගනිමින් චීනය සහ ජපානය අතර ද මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඒ තායිවානයට සහය දැක්වීමක් සම්බන්ධයෙන් චීනය ජපානයට සිදු කළ අනතුරු ඇගවීමක් හේතුවෙනි.
තායිවානයේ නිදහස් ව්‍යාපාරයකට සහය දැක්වීමට ජපාන රජය කුමන්ත්‍රණය කළහොත් ජපන් ජනතාවට එහි ප්‍රතිවිපාක විඳින්නට සිදුවනු ඇතැයි ජපානයේ චීන තානාපති වූ ජියැන්ගාඕ ඉකුත් දා ජපානයට අනතුරු අගවා තිබුණි.
මෙම අනතුරු ඇගවීමෙන් පසුව ජපානය එරට චීන තානාපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ටෝකියෝවේ රැඳී සිටින තානාපතිවරයකු එවැනි ප්‍රකාශයක් කිරීම අතිශයින්ම නුසුදුසු බව ජපාන රජයේ ස්ථාවරය බව එරට කැබිනට් ලේකම් යොෂිමාසා හයාෂි පවසා තිබේ.
එමෙන්ම ජපාන රජය වහාම එයට දැඩි විරෝධයක් පළ කරන බව ද ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිවානය ආශ්රිත ගැටලු සාකච්ඡා මාර්ගයෙන් සාමකාමීව විසඳා ගන්නා ලෙස ජපාන රජය නිරන්තරයෙන් ඉල්ලා සිටින බව ද හයාෂි වැඩිදුරටත් පැවසීය.
“තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය පැවතීම අපේ රටේ ආරක්ෂාවට පමණක් නොව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවේ ස්ථාවරත්වයටද වැදගත් වේ,” ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart