
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රක්ෂිත බන්ධනාගාරගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න ආරක්ෂිත හේතූන් මත අනුරාධපුර බන්ධනාගාරයේ සිට දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.
අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් නාලක සංජීව ජයසූරියගේ නියෝගයකට අනුව සැකකරු, පසුගිය 09 වැනි දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, එදින රාත්රියේම මහනුවර දුම්බර බන්ධනාගාරයට රැගෙන ගිය බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඉකුත් 08 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරී කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ, අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච් සී/69/2018 අංක දරන නඩුවේ විත්තිකාර ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැත්තා ඉකුත් වෙසක් පෝය දිනයේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බව පැවසෙන ලිපියක් සිය අත්සනින් යුතුව අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර, විත්තිකාර ඩබ්ලිව්. එම්. අතුල තිරකරත්න නැමැත්තාට එරෙහිව පැවති නඩුවෙන් ඔහු නිදහස් කර යැවීමට කටයුතු කිරීමේ චෝදනාව මතය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේ, ඉකුත් වෙසක් පෝය දින ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබාදුන් නාමලේඛනයේ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැත්තාගේ නම සඳහන් නොවන බවය.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට පත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද (11) දින අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart