
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේදී ඉකුත් වසර තුළ වයස අවුරුදු 18ට අඩු දැරියන් 91 දෙනකු දරුවන් බිහිකොට ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපන කාර්‍යංශයේ තොරතුරුවල සඳහන් වේ.
එම වසර තුළ යාපනය ශික්ෂණ රෝහලේ මාතෘ සායන සඳහා ළමා ගැබිනියන් 119 දෙනකු පැමිණි බවට තොරතුරු සටහන්ව ඇතත් ඉන් 91 දෙනකු පමණක් යාපනය ශික්ෂණ රෝහලේදී දරුවන් බිහිකොට ඇති බවද එම තොරතුරුවල සඳහන්ය.
ඉතිරි ළමා ගැබිනි මවුවරු උතුරේ හෝ වෙනත් ප්‍රදේශයක රෝහල්වලදී දරුවන් බිහි කරන්නට ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපනික කාර්යාංශය විශ්වාස කරයි.
කෙසේවෙතත් එම කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කරන්නේ, යුද්ධය හමාර වී සාමය උදාවීමෙන් පසුව උතුරු පළාත තුළ ළමා ගැබිනියන්ගේ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යන තත්ත්වයක් සංඛ්‍යාලේඛනවලට අනුව පෙනීයන බවයි.
පාසල් යායුතු වයසේ දැරියන් ඉතා අඩු වයස්වලදී ඇතිකර ගන්නා ප්‍රේම සබඳතා නිසා අධ්‍යාපනය කඩාකප්පල් කරගනිමින් ඉතා අඩු වයස්වලදී විවාහවීම ඉතා බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයිද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යාපනික කාර්යාංශය පෙන්වා දෙයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart