
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මතභේදාත්මක කතාබහකට ලක්ව සිටින පැරිස් ඔලිම්පික් බොක්සිං රන් පදක්කම්ලාභී ඉමානේ කෙලිෆ් විසින් ප්‍රකෝටිපති ව්‍යාපාරික සහ X සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් සහ ලෝක ප්‍රකට ගත්කතුවරියක වන ජේ.කේ. රෝලිංට එරෙහිව අපරාධ පැමිණිල්ලක් ගොනුකර ඇත.
ඊට හේතුව ඔවුන් දෙදෙනා කෙලිෆ්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රශ්න කිරීම සහ ඇය අපහාසයට පත්කිරීමට අවකාශය උදාකර දීමයි.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ඉමානේ කෙලිෆ් ඇගේ ඉතාලි ප්‍රතිවාදිනිය වූ ඇන්ජෙලා කරිනි සමග පැවැති තරගය ලොව පුරා දැඩි සංවාදයකට ලක්විය.
ඉමානේ කෙලිෆ් එල්ල කළ බොක්සිං ප්‍රහාර හමුවේ ඇන්ජෙලා කරිනි ඉතා ඉක්මණින් තරගයෙන් ඉවත් වුණේ කෙලිෆ් එල්ල කරන පහර දරාගත නොහැකි බවට පවසා හඩාවැළපෙමිනි.
හඩාවැලපුණු කරිනි තරගයෙන් ඉවත් වූ අතර ඇය කෙලිෆ්ට අතටඅත දීම ද ප්‍රතික්ෂේප කළාය.
ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ සුදුසුකම් පරීක්ෂාව අසමත් වීමෙන් පසුගිය වසරේ ලෝක ශූරතාවලියෙන් නුසුදුස්සකු වූ කෙලිෆ් පසුව අන්තර්ජාලය හරහා කතාබහට ලක්විණි.
මස්ක් සහ රෝලිංට එරෙහි නීතිමය පැමිණිල්ල ද අන්තර්ජාලය හරහා හිරිහැර කිරීම සම්බන්ධයෙන් ගොනු කරඇති බව ඇමරිකානු සඟරාව වන Variety අඟහරුවාදා වාර්තා කළේය
“රෝලිං සහ මස්ක් ද නඩුවට සම්බන්ධ අය අතර සිටී,” කෙලීෆ් වෙනුවෙන් පෙනීසිටින පැරිස් හි නීතිඥ නබිල් බූඩි ජනමාධ්‍යට පවසා ඇත.
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නඩුවේ කොටස්කරුවකු වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
“ට්‍රම්ප් ට්වීට් කළේය, එබැවින් අපගේ නඩුවේ ඔහු නම් කළත් නැතත්, ඔහු අනිවාර්යයෙන්ම නඩු පැවරීමේ කොටසක් ලෙස සොයා බලනු ඇත,” බූඩි පැවසීය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart