
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට පක්ෂය විධිමත් තීරණයක් ගෙන නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජා පවසයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි ප්‍රේමදාසට සහාය දෙන බවට පසුගියදා නිකුත් කළ නිවේදනය තනිකරම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් සිදු කරන ලද්දක් බවත් එය පක්ෂයේ නිල ස්ථාවරයක් පිළිබිඹු නොකරන බවත් ඔහු පැහැදිලි කරයි.
මෙම තීරණය ගත් බව කියන රැස්වීමට ශිවඥානම් ශ්‍රීදරන්, චාල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයන් මෙන්ම එස්.යෝගේෂ්වරන්, ජී.ශ්‍රීනේෂන් වැනි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ද පැමිණ නොසිටි බව මාවෙයි සේනාධිරාජා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart