
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ව්‍යාජ සමාගම් අටවා ගනිමින්, මෙරටට කිසිදු භාණ්ඩයක් නොගෙන්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 85.8කට අධික දැවැන්ත මුදලක් රටින් පිටකිරීමේ මහා පරිමාණ සංවිධානාත්මක ජාවාරමක් අනාවරණය වී තිබේ.
එකම ‘චෞර වළල්ලක්’ විසින් මෙහෙයවා ඇති මෙම මූල්‍ය අපරාධය සඳහා දේශීය සමාගම් 105ක් සම්බන්ධ වී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අනාවරණය කළේය.
මෙම ජාවාරම්කරුවන් ලංකාවේ ප්රමුඛ පෙළේ වාණිජ බැංකු 12ක් පුරා විසිරුණු ගිණුම් 227ක් උපයෝගී කරගනිමින්, අවස්ථා 26,000කට අධික වාර ගණනකදී මෙම මුදල් විදේශගත කර ඇත.
මීට අමතරව, මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් NDB බැංකුවට අදාළ රුපියල් බිලියන 13ක මූල්‍ය වංචාවෙන් උපයාගත් මුදල් ද මෙම ජාලය හරහාම රටින් පිටකර ඇති බවට විමර්ශනවලදී තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය ආරක්ෂක අංශ මුළාකිරීම සඳහා මෙම ජාවාරම්කරුවන් අතිශය සූක්ෂ්ම උපක්‍රමයක් භාවිත කර තිබේ.
ඒ අනුව, එක් නමකින් ආරම්භ කරන සමාගමක් මාස හයකට වඩා පවත්වාගෙන ගොස් නැත.
මාස හයෙන් හයට සමාගම්වල නම් සහ ලියාපදිංචිය වෙනස් කරමින්, දිගු කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
පත්‍රිකාවල පමණක් සීමා වූ මෙම සමාගම් හරහා විදේශයන්ට මුදල් යැවුව ද, ඔවුන් ආනයනය කරන බව පැවසූ කිසිදු භාණ්ඩයක් මෙරට රේගුවෙන් ඇතුළු වී නොමැත.
ශ්‍රී ලංකා පොලීසියේ මධ්‍යම අපරාධ කාර්යාංශය, මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව කළ දීර්ඝ විමර්ශනවලින් පසුව මෙම මහාපරිමාණ ජාවාරම කොටු කරගැනීමට හැකි වී තිබේ.
මෙම මහා මූල්‍ය අපරාධයේ සුලමුල අනාවරණය කර ගැනීමට මඟපාදා ඇත්තේ පසුගිය වසරේ ඔක්තොම්බර් 22 වැනිදා පෑලියගොඩ ප්‍රදේශයේදී සිදුවූ අහඹු වැටළීමකි.
එදින කැලණිය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී, ඒ තුළ තිබී රුපියල් කෝටි තුනක මුදලක් සොයාගෙන තිබේ.
එම මුදල ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු මුලින්ම අත්අඩංගුවට ගත් අතර, එම මුදල් උපයාගත් ආකාරය පිළිබඳව සාධාරණ හේතු දැක්වීමට ඔවුන් අසමත් වී ඇත.
ඉන් අනතුරුව සිදුකළ පුළුල් විමර්ශනවලදී තවත් සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
ඔවුන් සතු වත්කම්ද මත්ද්‍රව්‍ය ජාවාරමකින් හෝ වෙනත් දරුණු අපරාධයකින් උපයාගත් ඒවා බවට සැකකෙරේ.
මේ වන විට පොලිස්පතිවරයාගේ නියෝගය මත මෙම සමස්ත ජාලය සහ ඩොලර් ජාවාරම සම්බන්ධ ඉදිරි පූර්ණ විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය වෙත පවරා ඇති බවත්, වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් සභාවට ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart