
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් ජූලි මස 16 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අය අධිකරණය හමුවේ පෙනීසිටියේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවත්, එම නඩු කරයේ චෝදනා පත්රය අභියෝගයට ලක්කරමින් විත්තිකාර යෝෂිත රාජපක්ෂ විසින් අභියාචනාධිකරණය හමූවේ ප්රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.
එම ප්රතිශෝධන පෙත්සම ජූනි මස 16 වැනිදා අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබෙන බවත්, එම අභියාචන විභාග දිනයෙන් පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැදවන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ජූලි මස 16 වනදා යළි කැඳවන ලෙස නියෝග කළේය.
2009 වසරේ මාර්තු මස 31 වැනිදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart