June 10, 2026

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව පවතින නඩුකරයේ සැකකරුවකු ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් නම්කරනු ලැබීය.

ඒ අනුව සැකකාර හිටපු නාවික හමුදාපතිවරයාට ජූලි 27 අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.