
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටවල් 23 ක් සඳහා පනවා ඇති නව තීරුබදු ඉවත්කරන ලෙස එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන ඒජන්සිය අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය ද එම සංවිධානයට ශ්‍රී ලංකාව අමතකවීම ගැටලුසහගත බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කර අවස්ථාවක් ලබානොගැනීම මෙම තත්වයට හේතුව බවයි.
ජාතික ගැටලුවක් සඳහා රටක් වශයෙන් එක්ව විසඳුමක් සොයාගත යුතු බවත්, එය ඒකපාර්ශවික වශයෙන් බෙදී කටයුතු කළ යුතු ගැටලුවක් නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ බංකොලොත්භාවයෙන් මිදීමට උත්සහ දරන රටකට මෙවැනි බදු පැනවීම අසාධාරණ බව මේ මොහොතේ ශ්‍රී ලංකාව පෙන්වාදිය යුතු බවයි.
එමෙන්ම ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ ගණනකට මෙමගින් බලපෑම් එල්ල වන බව ද පැහැදිලි කළ යුතු බව ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart