
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 දී ජපානයේ ආගමන මධ්‍යස්ථානයකදී මියයෑමට පෙර අවස්ථා තුනකදී ශ්‍රී ලාංකික රැඳවියකු වූ විශ්මා සඳමාලිගේ ජීවිතය බේරාගත හැකිව තිබූ බව බදාදා පැවති අධිකරණ නඩු විභාගයකදී එරට වෛද්‍යවරයෙක් අනාවරණය කර ඇත.
අයිචි ප්‍රාන්තයේ නගෝයා හි පිහිටි මෙම මධ්‍යස්ථානයේදී විශ්මාගේ මරණය විජලනය සහ කුසගින්න ඇතුළු සාධකවල එකතුවක් නිසා සිදු වූ බව වෛද්‍ය මසමුනේ ෂිමෝ එහිදී පවසා තිබේ.
ඇයගේ මරණය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ජපන් රජයට එරෙහිව ඇගේ පවුලේ අය විසින් ගොනුකරන ලද නඩුවක් සම්බන්ධයෙන් නගෝයා දිස්ත්‍රික් උසාවියේ විභාගයකදී වෛද්‍ය මසමුනේ ෂිමෝ සාක්ෂි ලබාදී ඇත.
විජලනය සහ කුසගින්න නිසා විශ්මාගේ රුධිර සංසරණය අඩු වී ඇති අතර, එමගින් විටමින් බී 1 ඌනතාවයට ලක්වී තිබේ.
එමඟින් ඇයට හෘද රෝගයක් ඇති වූ බව, ආහාර සහ හෙද වාර්තා මෙන්ම මුත්‍රා සහ රුධිර පරීක්ෂණ ප්‍රතිඵල උපුටා දක්වමින් ෂිමෝ හෙළිකර තිබේ.
ඇය කම්පනයට පත් වූ බවත්, අවසානයේ බහු අවයව අක්‍රිය වීමෙන් ඇගේ මරණයට හේතු වූ බවත් ඔහු සඳහන් කර ඇත.
විෂ්මාගේ මරණයට ආසන්න වශයෙන් සති තුනකට පෙර මුත්‍රා පරීක්ෂණයකින් සාගින්නෙන් පෙළෙන තත්වයක් පෙන්නුම් කරන අසාමාන්‍ය අගයන් පෙන්නුම් කළ විට පළමු ජීවිතාරක්ෂක අවස්ථාව ලැබුණු බව ෂිමෝ පවසයි. “රුධිර පරීක්ෂණයක් සිදු කර ප්‍රතිකාර ලබාදීම සාමාන්‍ය දෙයක්” යැයි ඔහු සඳහන් කරයි.
විෂ්මාගේ රුධිර පීඩනය මැනිය නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත්, ඇය මියගිය දිනට දින දෙකකට පෙර සහ අසාමාන්‍ය ගැඹුරු හුස්ම ගැනීමක් නිරීක්ෂණය වූ බවත් වෛද්‍යවරයා පෙන්වාදී ඇත.
“යාන්ත්‍රික වාතාශ්‍රය සහ ඩයලිසිස් වැනි පියවර ගත යුතුව තිබූ අතර, මෙම ස්ථානවලදී ද ඇගේ ජීවිතය බේරාගත හැකිව තිබූ බව සිතිය හැකිය,” ඔහු පෙන්වාදෙයි.
විෂ්මා 2020 අගෝස්තු මාසයේදී රැඳවුම් මධ්‍යස්ථානයට ඇතුළත් කරන ලද අතර 2021 මාර්තු මාසයේදී වයස අවුරුදු 33 දී මරණයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart