
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙනින්ජයිටිස් සඳහා භාවිත කරන meningococcal එන්නත රජයේ රෝහල්වල වසරක පමණ කාලයක සිට හිඟ බවත්, මේ වන විට ගාල්ල බන්ධනාගාරය තුළ මෙනින්ජයිටිස් රෝගය පැතිර යන බැවින් එය බරපතළ ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
ස්ථාවර නියෝග 27/2 යටතේ වාචික ප්‍රශ්නයක් මතුකරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) meningococcal එන්නත් තොගයක් සපයා ඇති බවත්, එම එන්නත් තොගය රේගුවෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවත් වාර්තා වන බවයි.
විපක්ෂ නායකවරයා අසන ප්‍රශ්නවලට ඉදිරි දිනකදී පිළිතුරු ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුවැල්ල එහිදී පැවසීය.
මේ අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර බෝවන Meningococcal රෝගය පැතිර යන සන්දර්භය තුළ, අදාළ බැක්ටීරියාව සමාජය තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති.
එය බෝවන රෝගයක් බැවින් බන්ධනාගාරයට පැමිණි පුද්ගලයන්, ආසාදිත රැඳවියන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූයේ නම් බැක්ටීරියාව බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමේ හැකියාවක් පවතින බව බෝවන රෝග රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart